Political

19යට කථානායකවරයාගේ සහතිකය ලබා ගන්න 2002 දී 19යට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරලා…

Published on: Mar 18, 2020 – ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි.

‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය.

(සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට එදා පාර්ලිමේන්තුව ගත් ක්‍රියාමාර්ගය වැරදි සහගත බව පසුව  පාර්ලිමේන්තුව විසින්ම යෝජනා සම්මතයකින් තීරණය කළේය.)

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදි ලෙස ලබාගත් ක්‍රියාවලිය විමසීමේදී එයට සම්බන්ද වූ අයගේ අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම දක්වා දඩුවම ව්‍යාප්ත කිරීමට සිදුවන්නේ නීතියේ පාලනය බිදවැටීමට අවස්ථාව නොදිය යුතු හෙයින් සහ තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු ගෙයිනි. එහිදී සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහොසි කළ ආකාරයේ වැරදි සහගත බවක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානයකගේ සහතිකය 19යට වැරදිය ලෙස ලබාගත් අයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී සිදු නොවන බවද ලියුම්කරුගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කරන බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන සහ 7වන උපලේඛනවල ඇති දිව්රුම් දීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සිදු කරයි. එකී දිව්රුම දීම කඩ කිරීම බලවත් වරදකි. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්න පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරුන්ටද අදාල වේ.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් වීම යන්නෙහි වෙනස, පනත් කෙටුම්පතක් නීතියක් වීමට පෙර කථානායකවරයා අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය, පනත් කෙටුම්පතක් නීතියක් වීමට අවශ්‍ය 80.2 ව්‍යවස්ථාව, 19යට දැන් කළ යුත්තේ 2015 සිටි කථානායක සිදුකළ ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීම මිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ගෙන 19ය ඉවත් කිරීම නොවන බවත්, 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති නමුත් තවමත් නීතියක් වී නැති 19ය නීතියක් කළ යුත්තේනම් එය නීතියක් කරන්නේ කෙසේද? යන්න විමසීමේදී  ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය 19යට වැරදියට ලබා ගෙන ඇති බවත්, එයට සහාය දුන් අය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවත් ජනතාවගේ අවධානයට ‍යොමු විය යුතුය.

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම අතර වෙනස….

පනත් කෙටුම්පතක් සම්මත කිරීම සහ පනත් කෙටුම්පත නීතියක් වීම අවස්ථා 2කදී සිදු වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පෙන්වා දිය හැකිය. එනම 79 වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් සම්මත කිරීම සම්බන්ධයෙන් ද 80වන ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් නීතියක් වීම සම්බන්ධයෙන් ද අදාල වේ. වැඩි දුරටත් පැහැදිලි කළහොත් පනත් කෙටුම්මතක් සම්මත කිරීමේදී කථානායකවරයාගේ වගකීම එනම් ස්වකීය අත්සන ඇතිව සහතිකය යෙදීම ඇතුළු සහතිකයේ සදහන්විය යුතු කාරණා 79වන ව්‍යවස්ථාවේ දක්වා ඇති අතර කථානායකවරයා හෝ ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පත මත සහතිකය යෙදූ පසු පනත් කෙටුම්පත නීතියක් වන බවට පත්වන ආකාරය 80වන ව්‍යවස්ථාවේ දැක්වේ.

සම්මත කරන ලද පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීමට පෙර කථානායක අනුගමනය කළ යුතු 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානය….

පනත් කෙටුම්පතක් සම්මත වූ පසු ඒ බවට කථානායකවරයා සිය අත්සන සහිත සටහනක් මගින් පනත් කෙටුම්පතේ දැක්විය යුතු ආකාරය 79වන ව්‍යවස්ථාවේ දැක්වේ. සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත වීම, විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වීම, ජනමත විචාරණයකට යොමුකළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2/3ක ඡන්දයෙන් සම්මත වූ පනත් කෙටුම්පතක් ආදී අවස්ථාවකදී කථානායකවරයා සිය අත්සන ඇතිව සටහන තැබිය යුත්තේ කෙසේද යන්න 79 වන ව්‍යවස්ථාවේ පැහැදිලි කරයි.

ජනමත විචාරණයකට යා යුතු බවට නියම කර ඇති විධිවිධානයක් හෝ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වී ඇති අවස්ථාක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවද ඒ සහතිකයේ සදහන් විය යුතු බව 79වන ව්‍යවස්ථාවේ අවසන් විධානයේ දක්වා ඇත.

ඒ අනුව 2002 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීම ජනාධිපතිවරයා වළක්වන විධිවිධානය 2015 දී පාර්ලිමේන්තුවට ගෙන ආ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේද ඇති හෙයින් එකී විධිවිධාන පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වූ අවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකයක් එවකට සිටි කථානායකවරයා විසින් යෙදිය යුතුව තිබුණි.

79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව කථානයකවරයා 2015 පාර්ලිමේන්තුවට ගෙන ආ 19යට සිය සහතිකය  (“ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට”)  යොදා නැති බවත් සහ 80.2 ව්‍යවස්ථාව අනුව 19ය නීතියක් වී නැති බවත් රට හමුවේ එළිදරව්වූයේ 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ තීන්දුව සමගය.එතෙක් එනම් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තෙක්  19යේ තිබූ 33.2.(ඇ) අනුව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාවේ ඇති පාර්ලිමේන්තුව ව්සුරුවිය නොහැකි වසර 4 1/2 සීමාව යටපත්වන බව ජනාධිපතිවරයාට සහ ජනතාවට උපකල්පනය කරමින් සිටීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ උපකල්පනය වැරදි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් 2018.12.13 දිනැති මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවෙන් සනාථ වේ. එනම් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට අමතර බලතල ඇති 33.2.(ඇ) අනු ව්‍යවස්ථාව 70 වයවස්ථාවට යටත්ව කියවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු ජනාධිපතිට හෝ ජනතාවට තව දුරටත් සිය උපකල්පනවල සිටිය හැකි නොවේ.

2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අවලංගු කිරීමත් සමග 2015 දී කථානායකවරයා 19ට සහතිකය යොදා අත්තේ 33.2.(ඇ) ව්‍යවස්ථාව මගින් 70 ව්‍යවස්ථාව යටපත් නොකරන අවස්ථාවකය. එනම් 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19යට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 2015 දී කථානායකවරයා 19යට 79 ව්‍යවස්ථාට සහ 80 ව්‍යවස්ථාවට පටහැනිව සහතිකය යොදා ඇත.

ඒ අනුව 2018.12.13 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු කිරීමත් සමග එවකට ධූරය දරමින් සිටි කථානයකවරයාට කිරීමට තිබුණේ 2015 සිටි කථානායකවරයා සිදු කළ වැරැද්ද නිවැරදි කරමින් එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුව නිවැරදි සහතිකය යොදා එනම් “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට” වන සහතිකය යොදා 80.2 අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට 19වන ව්‍යවස්ථා සංශෝධනය  නීතියක් කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමය.

එනම් 2015 සම්මත වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට

80.2 ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දීමෙන් පසු ජනාධිපතිගේ සහතිකය තබා නීතියක් බවට පත් කිරීමට අවස්ථාව ලබා දීමය.

2015. 12.13 ධූරය දැරූ කථානායකවරයා ඒ යුතුකම ඉටු නොකළ අතර එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ පිළිබද කථානායකවරයාගේ අවධානය යොමු කිරීමද සිදු නොකළේය.

19යට දැන් කළ යුත්තේ කුමක්ද?

2015 කථානායකවරයා විසින් 19යට සහතිකය යෙදීමේදී සිදු කර ඇති වැරැද්ද නිවැරදි කිරීමට තවමත් අවස්ථාව ඇත. ඒ 19 ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට කියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් නොව 19යට සහතිකය යෙදීමේදී කථානායකවරයා සිදු කර ඇති ව්‍යවස්ථානුකූල වැරැද්ද නිවැරදි කිරීමෙනි. එනම් 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය අනුගමනය කරමින් “ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බව” ට වන සහතිකය තබා 80.2 අනු ව්‍යවස්ථාව අනුව නීතියක් බවට පත් කිරීමට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවස්ථාව සැළසීමය.

එය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට පහසුවෙන් කළ හැකිය.

එමෙන්ම 19ය නීතියක්ව නොතිබියදී එයට නීතියේ බලය ලැබෙන ආකාරයට ක්‍රියා කළ අය සම්බන්ධයෙන් ද නිසි පරීක්ෂණයක් සිදුකළ යුතුය. ඒ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම සදහාය.නැවත එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් සිදුකිරීමෙන් වළක්වා ගැනීම සදහාය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කිරීම..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 ව්‍යවස්ථාව යටතේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අයට දඩුවම් කිරීම සම්බන්ධයෙන්  විධිවිධාන සලසා ඇත. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කරන බවට වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන සහ 7වන උපලේඛනවල ඇති දිව්රුම් දීම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම සිදු කරයි. එකී දිව්රුම කඩ කිරීම බලවත් වරදකි. එමෙන්ම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්න පාර්ලිමේන්තුවට සහ එහි මන්ත්‍රීවරුන්ටද අදාල වේ.

19යට කථානායකවරයාගේ සහතිකය ලබාගෙන ඇත්තේ 2002 දී 19යට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බව ඉහත කාරණා අනුව පැහැදිලි වේ. මෙය පැහැදිලිවම ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. මෙවැනි ව්‍යවස්ථා කුමන්ත්‍රණ සොයා අදාල දඩුවම් එනම් ප්‍රජා අශක්නුතාවය නිර්දේශ කිරීමට 81 ව්‍යවස්ථාව අනුව නියම කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකට හැකියාව ඇත. එකී ජනාධිපති කොමිසම කරනු ලබන නිර්දේශය බලාත්මක කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් 19 නීතියක් ලෙස සැළකීමට කථානායකවරයාගේ සහතිකය වැරදියට යෙදීමට සම්බන්ධ වූ අය ප්‍රජා අශක්නුතාවයට යටත් කරන පාර්ලිමේන්තුවක් වීමේ වැඩි නැඹුරුවක් ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.03.18)

arunaunawatuna@gmail.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top