Conspiracy

ගෝඨාද මෑන්…. ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක්! ඊළම,ෆේඩරල් වෙනුවට අලුත් ගමනක්! ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීම සදහා ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ!

Published on: Jan 26, 2020 – මහා මැතිවරණය අවසන් වනතෙක් Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම අත්සන් තැබිම් කල් තැබිමට එක්සත් ජනපද සුදානම් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (වැඩ බලන) සහකාර ලේකම් ඇලිස් වෙල්ස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැති බව මුලින් කී ඇමරිකාව පසුව එය ජනවාරි 25 වැනිදාට පෙර අත්සන් කර අවසන් කලයුතු බවට ප්‍රකාශ නිකුත් කල අතර මේ වනවිට ගිවිසුම අත්සන් කිරිමට තිබුනු හදිසිය හදිසියේම අතුරුදන් වි තිබේ.

Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම ඉක්මනින්ම අත්සන් කිරිම ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික ගණුදෙනු කිහිපයක්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපති ගෝඨාභය සාකච්ඡා කිරිම සදහා ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha නමැත්තාගේ නායකත්වයෙන් යුත් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් (Lisa Curtis) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) ලංකාවේ සංචාරයක යෙදුනු අතර එහිදි ඇතිකර ගත් එකඟතා අනුව මෙම කාලය දිර්ඝ කිරිමට කැමත්ත පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ට්‍රම්ප් පාලනයේ අමාරුකාරයන් ලෙස හදුන්වන ලීසා කර්ටිස්,ඇලිස් ජි.වෙල්ස්, Raj Sha මෙන්ම වත්මන් ශ්‍රි ලංකා ඇමරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් යන කණ්ඩායම ගෝඨාභය පාලනය තුල ඉතා වේගයෙන් ඇමරිකානු අවශ්‍යතා සපුරාලිමට කටයුතු කරමින් සිටින අතර ට්‍රම්ප් පාලනය මෙම කණ්ඩායම ශ්‍රි ලංකාව වෙනුවෙන් තොරා ගත්තේ මන්ද යන්න අප අවස්ථා කිහිපයකදිම අනාවරණය කළා.ඒ අනුව ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිම අංක එකේ මෙහෙයුම වන අතර ඒ සදහා ඉන්දියාවේ සහය සෑම අතින්ම ඇමරිකාවට හිමිවිම තත්ත්වය තවත් බරපතල කිරිමට සමත්ව තිබේ.

ලීසා කර්ටිස්,ඇලිස් ජි.වෙල්ස්, Raj Sha,ඇලෙයිනා ටෙප්ලිස්ට්….

ශ්‍රි ලංකාවට පැමිණි කණ්ඩායම MCC ගිවිසුමට අමතරව ශ්‍රී ලංකාව සමග අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කල අතර මේ වන විට ඇමරිකානු වෙබ් අඩවි කිහිපයක්ම අනාවරණය කර ඇති අකාරයට  ට්‍රම්ප් පාලනයේ අමාරුකාරයන් ලංකාවේ සංචාරය කර ඇත්තේ දැවැන්ත මෙහෙයුම් කිහිපයක්ම දියත් කිරිම සදහාය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (වැඩ බලන) සහකාර ලේකම් ඇලිස් වෙල්ස්, පසුගිය සිරිසේන පාලන සමයේදී කිහිප වතාවක් ලංකාවට පැමිණ් සාකච්ඡා පැවැත්වු අතර 2018 පෙබරවාරි මාසයේ දී දිවයින පුරා පැවති පළාත් පාලන මැතිවරණයෙන් රාජපක්ෂ නව දේශපාලන පක්ෂයක් මගින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ජනාධිපතිවරණයේදි නියත වශයෙන්ම රාජපක්ෂවරු බලය අල්ලා ගන්නා බව තහවුරු කල අතර එ අනුව ඇලිස් හරහා සිය මෙහෙයුම් දියත් කිරිමට ඇමරිකාව කටයුතු ආරම්භ කර තිබේ.

ලීසා කර්ටිස් වෙනුවෙන් ඇයගේ සහාය භූමිකාව ලබා දී ඉන්දු-පැසිෆික් කලාපයේ ට්‍රම්ප් පරිපාලනයේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ඇලිස් නියෝජනය කරන අතර මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ ට්‍රම්ප් පරිපාලනයේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය කුමක්දැයි ශ්‍රී ලංකාවට නිසී අවබෝධයක් නොමැති විමයි.

කවුද මේ ඇලිස්?

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම් ඇලිස් වෙල්ස් ජුනි මාසයේ දී ට්‍රම්ප් පරිපාලනය විසින් ජෝර්දානයේ ඇයගේ තානාපති තනතුරෙන් අබ්දුල්ලා රජුගේ ඉල්ලීම පරිදි නැවත කැඳවු අයෙකු බව!

ඇලිස් වෙල්ස් එවකට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ උප ලේකම් (දේශපාලන) විලියම් ජේ. බර්න්ස් සමඟ ඉතා සමීපව කටයුතු කරන බව!

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරීක්ෂාවන්ට මුහුණදීමට මග පෑදු IV වන ඊලාම් යුද්ධයේ අවසාන අදියරේදී යුද අපරාධ සහ එහි මිලිටරි ක්‍රියාමාර්ග සඳහා වගවිමට අවශ්‍ය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සෝදිසි කිරීම ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් (දේශපාලන) කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කිරීමට ක්ලින්ටන්, රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහාය වූ බව!

පසුව ඇලිස් වෙල්ස් 2009 දී නැවත එක්සත් ජනපදයට පැමිණියේ විදේශයන්හි රාජ්‍ය තාන්ත්‍රික පැවරුම් සම්පූර්ණ කර ඉහළ කාර්ය මණ්ඩල තනතුරු කිහිපයක සේවය කල අතර පසුව 2011 වන තෙක් ඇය දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් විලියම් ජේ. බර්න්ස්ගේ(William J. Burns) විධායක සහකාර ලෙස කටයුතු කළ අතර පසුව රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ විධායක සහකාර ලෙස 2012 දක්වා ඇය සමඟ වැඩ කිරිමටද ඇලීස්ට හැකි විය.ඒ වනවිට ඇය ඇමරිකානු ජනාධිපතිගේ විශේෂ සහකාරිය බවට පත්වි හමාරය.

ක්ලින්ටන් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද න්‍යාය පත්‍රයක් වන වොෂිංටන් යුධ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂාවන්, ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලං, නය කිරීම සහ දෙමළ කොටින් සමඟ යුද්ධයේ අවසන් අදියරේදී මිලිටරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වගවීම ආරම්භ කළේ මෙම කාලය තුළ ය.

2015 ඔක්තෝම්බර් 30/1 UNHRC යෝජනාව ඔබාමා ධවල මන්දිරය විසින් ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ දේශීය කටයුතු සඳහා ගෝලීය නීතිවේදීන්ගේ මැදිහත්වීම යෝජනා කල අතර ඇලිස් වෙල්ස් එම මෙහෙයුම සදහා සක්‍රියව දායකත්වය දුන් කෙනාද වේ.

ඉන්දු-පැසිෆික් කලාපයේ ජනාධිපති ට්‍රම්ප්ගේ මිලිටරි ව්‍යාප්ති උපාය මාර්ගයේ ප්‍රධාන මෙහෙයුම් කරුවන් කිහිප දෙනා අතර සිටිමින් කටයුතු කරන ඈය ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉතා හොඳ වෙළඳපොලක් බව තරයේම විශ්වාසය කරන කෙනෙකුද වනවා.

ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක්!

ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා අවස්ථා ගණනාවකදි ශ්‍රී ලංකා රජයන් සමග සාකච්ඡා පැවතියද ජාතික ආරක්ෂාව හෝ ජාත්‍යන්තර ආරක්ෂාව මෙන්ම ආර්ථික පිම්ම සදහා ආරක්ෂාවේ ඇති කුප්‍රකට රසයන් දන්නා අයෙකු බලයේ නොසිටිම හේතුවෙන් එම සාකච්ඡා අසාර්ථක වුනා.

දකුණු ආසියාව තුල ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීම සදහා ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීම සදහා ගත් උත්සහය අද දියත් වන්නක් නොවන අතර අවශ්‍ය ඉත්තා රජ වනතුරු පියවරෙන් පියවර ගමන් කිරිමට ඇමරිකාව කටයුතු කල බව දැන් නොරහසකි.

එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් 2019 ඉන්දු-පැසිෆික් සහයෝගීතා පනත අනුමත කිරීම, ශ්‍රී ලංකාව පිළිගැනීම භූ-උපායමාර්ගික වැදගත්කම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය, ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රි ලංකාව “කැමැත්තෙන් හවුල්කරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කිරීම, කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් එක්සත් ජනපද කඳවුරක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව වඩාත් සමීප කරවීමට ඉන්දියාව දක්වන උනන්දුවද කැපී පෙනේ.

ශ්‍රී ලංකාව එක්සත් ජනපද හමුදා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමට මේ වනවිට ට්‍රම්ප් පාලනය තින්දුකර ඇති අතර ඒ සදහා ඉන්දියාව ලබාදෙන නොමද දායකත්වයද ඇමරිකානු දුත පිරිසේ සංචාරය අවසන් වත්ම රහසේම පැමිනි කුප්‍රකට චරපුරුෂ Ajit Dovalද තහවුරු කර තිබේ.

ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තියට එරෙහිව සටන් කිරීම සඳහා වොෂිංටන් සහ නවදිල්ලිය යන දෙකම ආරක්ෂක / මිලිටරි විධිවිධාන ක්‍රියාත්මක කරන අතර ඒ වෙනුවෙන් ‘මිලිටරි බැඳීමක්’ ඇති කිරීමට දෙරටටම කරදර වූයේ චීනය ගත් ඇතැම් පියවර වන අතර මේ වනවිට තත්ත්වය වෙනස් කිරිමට වොෂිංටන් සහ නවදිල්ලිය සමත්ව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, පකිස්ථානයේ ග්වාඩර් වරාය සහ මියන්මාරයේ Kyaukpyu ඇතුළු උපායමාර්ගික යටිතල පහසුකම් සැපයීම මෙන්ම චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ඇතුළු ආර්ථික සහයෝගිතාවය සහ නේපාලය, මියන්මාරය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල ආයෝජන කිරිමද ඇතුලු පියවර රැසක් මේ වනවිට ගැනිමට අවශ්‍ය මුලික කටයුතු අවසන් කර තිබේ.

චීන තර්ජනයට එරෙහිව ඉන්දු-පැසිෆික් ජාතීන් සමඟ මිත්‍ර වීමට සෙනෙට් සභාව ද්වි පාර්ශවීය නීතිය සම්මත කරයි

බීජිං හි මිලිටරි නැගීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එක්සත් ජනපදය ඉන්දු-පැසිෆික් හවුල්කරුවන් සමඟ මිත්‍ර වීමට ද්වි පාර්ශවීය නීතියක් සෙනෙට් සභාව විසින් මෑතකදී ඒකමතිකව සම්මත කල අතර ඉන්දු-පැසිෆික් සහයෝගීතා පනත නම් වූ 2019 නීතියට අනුව, එක්සත් ජනපද බලධාරීන්ට ඉන්දු-පැසිෆික් කලාපය සඳහා පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් සකස් කළ යුතු බවට එකඟතාවයක්ද ඇතිකරගෙන තිබේ.

එක්සත් ජනපදය සහ චීනය ඇතුළුව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් හතර ජීවත් වන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ වන අතර ලෝකයේ විශාලතම මිලිටරි 10 න් කිහිපයක් ද එහි තිබිම ඇමරිකාවේ භීතියට කර තිබේ.

“චීනයේ නැගීමට එරෙහිව නිදහස් ලෝකයේ නායකයා ලෙස ඇමරිකාව, අපගේ සගයන් හා හවුල්කරුවන් සමඟ අත්වැල් බැදගත  යුතුය” යනුවෙන් පනතට නායකත්වය දුන් සෙනෙට් සභික මිට් රොම්නි(Mitt Romney) ජනවාරි 15 ​​මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

එක්සත් ජනපදයට ජාතික ස්වෛරීභාවය, සාධාරණ වෙළඳාම සහ නීති රීති පදනම් කරගත් පිළිවෙලකට ගරු කිරීම මත පදනම්ව නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් ප්‍රදේශයක් දැකීමට අවශ්‍ය බව ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ සහකාර ආරක්ෂක ලේකම් ශ්‍රිවර් සදහන් කර ඇති අතර ජනවාරි 10 වන දින Brookings Institute දී කතා කළ රයන් මැකාති,(Ryan McCarthy) කලාපය තුළ අඛණ්ඩව හමුදාවේ රැඳී සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.

චීන හමුදාවේ ප්‍රහාරයකට සූදානම් වීම සඳහා ඔවුන් එක්සත් ජනපද හමුදාවේ මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කරමින් සිටින බව ඔහු පැවසීය.

“The US Army must be in the region to increase competition and, if necessary, to win in the conflict,”

“තරඟය වැඩි කිරීමට සහ අවශ්‍ය නම් ගැටුමෙන් ජය ගැනීමට එක්සත් ජනපද හමුදාව කලාපයේ සිටිය යුතුය,” යනුවෙන්ද ඔහු සදහන් කර තිබේ.

ඊළම,ෆේඩරල් වෙනුවට අලුත් ගමනක්!

ඒ අනුව ඉදිරියේදි උතුරේ වෙනම රාජ්‍යයක් සදහා ගෙනගිය සටනේ ස්වරූපය වෙනස් වනු ඇත.එය ඊළම,ෆේඩරල් අතහැර වෙනස් නමක් ගනු ඇත.ඇමරිකානු හඩට අනුව ක්‍රියාත්මක වන අලුත් බලයක් සහිත් ප්‍රදේශයක් ලෙසට උතුර සහ දමිළ භාෂාව කතා කරන ජනතාව පෙළ ගැසෙනු ඇත. ඒ වෙනුවෙන් ජාතියේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය පාවාදීමට සිදුවන බව පාලකයන්ට මතක් වන්නේ සියල්ල සිදුව හමාර වු විටය.

ලෝකයම බියෙන් සලිත වී ඇති කොරොනා වෛරසය අමෙරිකාවේ වෛරස් ප්‍රහාරයක්!

කතාව අවසන් නැත……
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Copyright © 2017 LNW TODAYThemetf

To Top