Conspiracy

ETI විමර්ශන ජනාධිපති කොමිසමෙන් මනී ලොන්ඩරින් හොරු කලබල වෙයි… සුභාෂ්කරන් අල්ලිරාජා වහාම දිවයිනට…. EAP සියතට ගත් ජෙයරාම් සහ අල්ලිරාජා මෙහෙයුම… රාජපක්ෂලාගේ Supreme TV හෙට අනිද්දා කරලියට!

Published on: Jan 14, 2020- ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමග කුප්‍රකට මුදල් විශුද්ධිකරණයේ පියවරුන් කලබලයට පත්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒ අනුව දකුණු ආසියාවේ මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’ හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) අද අලුයම ලංකාවට පැමිණ තිබෙන අතර ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජේ ශ්‍රි රංගාගේ හදිසි පණිවිඩය මත බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ස්වර්ණවාහිනී නාලිකාව ඇතුලු මාධ්‍ය නාලිකා කිහිපයක් අයත් ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය මෙන්ම තැන්පත්කරුවන්කරුවන් 33,000කගෙ මුදල් බිලියන ගණනින් ගිලගත් ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම විදේශිකයින් අතට පත්විම හරහා රටේ ජාතික ආරක්ෂාව්ට සිදුවන බලපෑම පිළිබඳව මුල්‍ය බුද්ධි අංශ සහ අනෙකුත් බුද්ධි අංශ විසින්ජ නාධිපතිවරයාට ලබාදුන් වාර්තාවලට අනුව මෙම ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශන කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම කොමිශන් සභාව පත් කර ඇති අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩි.එම්.ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබේ.

එම වාර්තාවට අනුව දෙමළ ඩයස්පොරාවට රටේ මාධ්‍ය හා මුල්‍ය බලය යෑම අහිතකර තත්ත්වයක් බවත් එය වත්මන් පාලනය ඉතාම අහිතකර ලෙස බලපැම් එල්ල කරනු ඇති බවද පෙන්වා දි තිබේ.

ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම ස්වකීය තැන්පතුකරුවන්ගේ ගනුදෙනු බේරුම්කිරීම සඳහා වත්කම් විකිණීම සිදු කළද මුල්‍ය සමාගමේ සිදුව ඇති බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇති.ඊ.ඒ.පි.බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය විදේශිකයින් විසින් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන්හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මුල්‍ය ආයතන සමුහයකට විකිණීම සහ විදේශිකයින් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීතිකඩකරමින් ඊ.ටී.අයි සමාගමේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා ගැසට් නිවේදනය මඟින් බලය පවරා තිබේ.

මෙම කොමිසමේ නිර්දේශ ඇතුලත් වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදිය යුතු බවද අදාල ගැසට් නිවේදනයේ සදහන් කර තිබේ.

මෙම කොමිසම පත්කිරිමත් සමග මුදල් විශුද්ධිකරණයේ කුප්‍රකට මහ මොළකරුවන් කිහිප දෙනෙකුම කලබලයට පත්ව ඇති අතර ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන උග්‍ර බෝර්න් අගේන් මූලදර්මවාදී නාලක ගොඩහේවා මෙන්ම සුභාෂ්කරන්ගේ ලංකාවේ ආයතනයක සේවය කරන ගෝඨාභයගේ සමීපතමයෙකු ලෙස පෙනී සිටින මිලින්ද රාජපක්ෂද මේ වනවිට අවුලට පත්ව සිටින අතර කොමිසමේ නිර්දේශ වලට එරෙහිව ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමද ආරම්භ කර තිබේන බවයි වාර්තා වන්නේ.

ලෝකෙටම ජාවාරම්කරුවෙකු වු ජේ. සුධීර් ජෙයරාම් සහ සුභාෂ්කරන් අල්ලිරාජා කවුරුන්ද යන්න අප 2018 වසරේදි සම්පූර්ණයෙන් අනාවරණය කල අතර එම අනාවරණයන් සියල්ලම පහතින් කියවන්න.

අනාවරණ 01
ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’… හොරු 19ක් ප්‍රංශ හිරේ…. රටම විනාශ කරන
සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..

අනාවරණ 02

මුදල් විශුද්ධිකරණයේ ප්‍රමුඛයෝ Shell සමාගම සමග ලයිකා මොබයිල් ඩිල් දැමු හැටි… දවසකට දෙවරක් යුරෝ
240,000 මුදලක්! කොල්ල කාලා…. ලංකාවේ මාධ්‍ය සහ මුල්‍ය ආයතන ගිල ගැනිමේ සුභාෂ්කරන් අල්ලිරාජා සහ
ජේ. සුධීර් ජෙයරාම්ගෙ මෙහෙයුම

EAP සියතට ගත් ජෙයරාම් සහ අල්ලිරාජා මෙහෙයුම…

EAP Broadcasting සහ EAP Films and Theatres,ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) ඇතුලු විශාල සමාගම ජේ. සුධීර් ජෙයරාම්(Jay Sughir Jayaram) සියතට ගත් අතර ඒ සදහා ඔහු සිංගප්පූරුවේ STRAITS GRID PTE. LTD  නැමති 201219512D ලියාපදිංචි අංක දරණ සමාගම් බ්‍රොකර් ලෙස පෙනී සිටිමින් ,Ben Holdings,Blue Summit  Capitalයන ආයතන දෙකහි කොටස් බවට පත්කිරිමට කටයුතු කල අතර මෙහි Ben Holdings යන සමාගම ලංකාවේ ලියාපදිංචි සමාගමකි. Ben Holdings සමාගමේ හිමිකරු ලෙස ඇලෙක්ෂිස් ඉන්ද්‍රජිත් ලොවේල් (Alexis indrajith lovell) කටයුතු කරන අතර ඔහුට සමාගමේන් සියයට 60ක කොටස් හිමිවන අතර  අතර ඔහුද ජේ. සුධීර් ජෙයරාම්ට සියයට 40ක කොටස් හිමිවේ. (ඇලෙක්ෂිස් ඉන්ද්‍රජිත් ලොවේල් සම්බන්ධයෙන් අනාවරණය බලාපොරොත්තු වන්න)

Alexis indrajith lovell

අදාළ බ්‍රෝකර් වැඩේ කිරිම සදහා ඉදිරිපත් වු STRAITS GRID PTE. LTD යන සමාගමට ඒ අකාරයේ කටයුත්තක් සදහා මැදිහත් විමටද හැකියාවක් නොමැති අතර එම සමාගමේ ස්බාවය TRANSMISSION, DISTRIBUTION AND SALE OF ELECTRICITY යන අංශ කෙරෙහි පැතිරි තිබේ.

Blue Summit Capital සමාගමත් ජෙයරාම්ගේ

මේ අතර Blue Summit Capital යන ආයතනය පෘතුගාලයේ ලියාපදිංචි සමාගමක් වන අතර එය පෘතුගාලයේ
Pettigo Comércio Internacional, Lda යටතේ ලියාපදිංචි කර ඇති සමාගමකි.එම සමාගම සම්බන්ධයෙන් කරුණු සොයා බැලිමේදි කුප්‍රකට සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්ගේ ලයිකා මොබයිල් (Lycamobile) ලයිකා මුවි (lyca movies) මෙන්ම ලයිකා ෆ්ලයි (Lycafly) යන සමාගම් සියල්ලේම වෙබ් අඩවි වල නාමයන් ලියාපදිංචිය කර ඇත්තේද Blue Summit Capital ලියාපදිංචි කර තිබේන පෘතුගාල සමගම යටතේ බව අනාවරණය වි තිබේ.

ඒ ලොව වෙබ් නාමයන් ලබා දිමේ ප්‍රමුඛයා වන Go Daddy සමාගමේ FA-1507001627362 යන ගිණුම යටතේ බවද අනාවරණය වි තිබේ. මීට අමතරව Blue Summit Capital සහ STRAITS GRID PTE. LTD යන සමාගම දෙකම එකම ලිපියකට ලියාපදිංචි වි තිබිමද සුධීර්ලාගේ ගේම් එක මනාව අනාවරණය කර තිබේ.

ඒ අනුව EAP සමාගම් ජාලයම සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්ගේ සියතටම පත්ව ඇති බව නොරහසකි.

ජේ. සුධීර් ජෙයරාම් ලංකාවේ සම්බන්ධ වූ ව්‍යාපෘති ද ගැටලූකාරී ඒවාය. කොළඹ හෝර්ටන් පෙදෙසේ ඉදි කිරීමට කටයුතු යොදා ඇති මහල් හැත්තෑ දෙකකින් යුතු ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ව්‍යාපෘති එවන් කුප්‍රකට ව්‍යාපෘතියකි.ඒ සඳහා සම්බන්ධ වී ඇති අනෙක් පුද්ගලයා වන රාමසාමි මුත්තුසාමි මනිවානන් නැමැත්තා ද ජයරාම්ගේ ව්‍යාපාරික සගයෙකි.

ඔහු ලංකාවේ තවත් ප්‍රකට ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් වන අතර හිටපු ජනාධිපති,වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ විනෝදාංශය වූ අභ්‍යවකාශගත වීමට අදාළව ලංකාවේ මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් යැව්වා යයි කියන චන්ද්‍රිකාව යැවූ සුප්‍රීම් සැට් සමාගම සමඟ මොහුගේ වන අතර හෙට අනිද්දා ලංකාවේ ආරම්භ කිරිමට යන් නවතම රූපවාහිනි නාලිකාව වන Supreme TVද මනිවානන්ගේ නමින් ආරම්භ වන නාලිකාවකි.ඒ අනුව අනිවාර්යයෙන්ම එම නාලිකාවද රාජපක්ෂලාගෙ නාලිකාවක් වන අතර ඒ අනුව ගෝඨාභය කුමන පාරේ ගියද රාජපක්ෂලා යන්නේ කුප්‍රකට හොරු යන පාරේම බව අමතුවෙන් ජනතාවට කියාදිය යුතු නැත. කතාව අවසන් නැත…..

Loading…

Ben Holdings (Pvt) Limited and Blue Summit Capital Management Pte. Limited

Business Form
Private

Legal Form
Limited liability company

Business Sectors
Radio and Television Broadcasting

Ownership

Individual Owner

Alexis Indrajit Lovell-60%

Alexis Indrajit Lovell owns 59.99 percent of EAP Broadcasting Corporation Limited through Ben Holdings (Pvt) Limited. At present, he holds the post of Chairperson at National Asset Management Limited and Union Bank Finance Co. Limited. He is also a Director at the Associated Electrical Corporation Limited and Real Investment Holdings Pte. Limited. Since 04 January 2019 he has been serving as an Independent Non-Executive Director at Serendib Engineering Group PLC. In 2011, he served as a Non-Executive Director at Union Bank Finance Co. Limited.

Allirajah Subaskaran-40%

Allirajah Subaskaran is the majority shareholder and Chairperson of Lycamobile UK Limited, which owns 40 percent of EAP Broadcasting Limited through Pettigo Comercio Internacional Lda. As founder of the Lycamobile Group of companies, he is also the Chairperson of Lycamoney, Lycatel and Lycafly. At present, Lycatel and Lycamobile have spanned over 23 countries. In 2010, Allirajah established the Gnanam Foundation with his mother, Gnanambikai Allirajah and his wife, Prema (Premantharshini) Subaskaran. The foundation provides funding for projects which improve livelihoods and education for underprivileged communities.

ලොව පුරා හොරා කෑමේ සුරයෝ…. ‘ලයිකා මොබයිල්’… හොරු 19ක් ප්‍රංශ හිරේ…. රටම විනාශ කරන සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්..

මුදල් විශුද්ධිකරණයේ ප්‍රමුඛයෝ Shell සමාගම සමග ලයිකා මොබයිල් ඩිල් දැමු හැටි… දවසකට දෙවරක් යුරෝ 240,000 මුදලක්! කොල්ල කාලා…. ලංකාවේ මාධ්‍ය සහ මුල්‍ය ආයතන ගිල ගැනිමේ සුභාෂ්කරන් අල්ලිරාජා සහ ජේ. සුධීර් ජෙයරාම්ගෙ මෙහෙයුම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top