LNW SPY

රාජපක්ෂලාගේ ගෝඨා… කිළීගේ සජිත්… දෙන්නටම යන එනමං නෑ…. ජනපති කාල සිමාව පිළිබඳව ශ්‍රේ‍ෂ්ඨාධිකරණයේ මතය මග.සිරිසේන 2020 ජුනී 21වන තෙක්!

Published on: Aug 13, 2019– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පස් අවුරුදු ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේ‍ෂ්ඨාධිකරණයේ මතය මේ වනවිට ප්‍රකාශ ප්‍රකාශ කිරිමට සුදානම් බව වාර්තා  වේ.ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයාට ලබන සැප්තැම්බරය දක්වා සිය ධුරයේ කටයුතු කල හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කිරිමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 19 වැනි සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය 2020 වසරේ ජනවාරි 08 වැනිදායින් අවසන් වන බව ඉතා පැහැදිලිව තිබේ.

වර්තමාන ජනපතිගේ ධූර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 9 වැනි දිනද එසේත් නැතිනම් එම වසරේ ජුනි මස 21 වන දින දැයි යන්න පිලිබඳ ගැටලුවක් ජනාධිපතිවරයාට ඇති වුන හෙයින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර 5ක් යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බැවින් ඔහුගේ පස් අවුරුදු කාලය ගණනය කල යුත්තේ කතානායකවරයා එම සංශෝධනයට අත්සන් තැබූ 2015 ජුනි මස 21 වනදා සිටය​.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි 08 වැනි දිනයෙන් පසුව කිසි ලෙසකින්වත් දීර්ඝ නොවන බව නීති උපදේශකයෝ මිට පෙර පෙන්වා දි තිබුනා.

යම් හෙයකින් ජනපතිගේ කාලය දිර්ඝ වුවහොත් එජාපයට පිල්ලියක් වි තිබේන කිළීගේ අතකොලු සජිත්ගෙන් මෙන්ම, මහින්ද ඇතුලු රාජපක්ෂලා ජිවග්‍රහණයෙන් අල්ලා ගෙන සිටින ගෝඨාභයද කලින්ම පරාජය කිරිමට අවස්ථාවක් උදාවනු ඇත.

31(3)අ,ඈ ව්‍යවස්ථාව

මේ අනුව ව්‍යවස්ථාව යටතේ පවත්වනු ලද ඡන්ද විමසීමක දී ජනාධිපතිවරයා ලෙස තේරි පත්ව ඈතෑයි ප්‍රකාශ කරනු ලෑබු තෑනෑත්තා-

1.එවකට ධුරය දරන ජනාධිපතිවරයා නම්, ඒ ඡන්ද විමසිම පවත්වනු ලබන්නේ යම් වර්ෂයක යම් දිනයක දී ද ඔහුගේ ප්‍රථම ධුර කාලය ආරම්භ වූ දිනයට අනුරූප වන ඒ වර්ෂයේ දිනය හෝ ඊළගට එළඹෙන වර්ෂයේ ඊට අනුරුප වන දිනය යන මෙයින් කලින් එළඹෙන දිනයෙන් ආරම්භ වන අවුරුදු 6 ක කාලයක් ධූරය දෑරිය

2.එවකට ධූරය දරන ජනාධිපතිවරයා නොවේ නම් ඒ ඡන්ද් විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලෑබු දිනයෙන් ආරම්භ වන අවුරුදු 6ක කාලයක් ධුරය දෑරිය යුත්තේය.

ආචාර්ය ඔමල්පේ සෝභිත හිමි එ.මෑතිවරණ කොමිසාරිස් සහ තවත් අය නඩුව

31(3)අ,ඈ 1 ව්‍යවස්ථාව සදහා නව අර්ථ නිරුපණයක් හදුන්වා දෙන ලදී.ඒ අනුව දෙවන ධුර කාලයට අදාළ වසර 6 ගනන් කිරිම ආරම්භ වන්නේ 2 ධුර කාලය සදහා පෑවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දිනයේ සිට බව තිරණය විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © 2017 LNW TODAYThemetf

To Top